Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගජමුතු යැයි සැලකෙන ඇත්දළ කොටස් 05ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගජමුතු යැයි සැකකල හැකි ඇත්දළ කොටස් 05 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – මාතලේ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය.

මාතලේ පොලිස් වසමේ ළමා උද්‍යාන පිටුපස මාර්ගයේදී මාතලේ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගජමුතු යැයි සැකකල හැකි ඇත්දළ කොටස් 05 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම සැකකරුවන් දෙදෙනා එම ඇත්දළ කොටස් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් අවුරුදු 43 හා 47 වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මාතලේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.