Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනේ‍

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136කට ස්ථිර පත්වීම් ලබාදීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා ස්ථිර පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර, ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් හෙට (23) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩ්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිත බව වාර්තාවෙනවා.

වසර ගණනාවක් පුරා නොවිසදී පැවති ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ රැකියා සුරක්ෂිතතා ගැටළුව විසදීම සදහා වත්මන් පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කඩිනම් බදවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදු වනු ඇති බවට අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනයක සඳහන් වෙනවා.