Rajapura Handi Oil
Rajapura Diabetic Powder

චීන වරායේ දී ධීවරයින් තිදෙනෙක් දුම්රියක ගැටී සිදුවූ මාරක අනතුර

චීන වරාය පොලිස් වසමේ කොඩ්බේ ධීවර වරාය ප්‍රදේශයේ දී ඊයේ (22) රාත්‍රී කාලයේ පුද්ගලයින් තිදෙනෙකු දුම්රිය මාර්ගයේ රැදී සිටිය දී දුම්රියක ගැටී තිබෙනවා.

ත්‍රීකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයින් තිදෙනා ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් අනෙක් පුද්ගලයින් දෙදෙනා බරපතල තුවාල ලබා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48 හා 58 වයස්වල පසු වූ මාතර හා දෙවුන්දර ප්‍රදේශවල පදිංචි ධීවරයන් දෙදෙනෙක්.

මෘත ශරීර ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.