ලිබියානු වරායේ සැක සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියානු නෞකාවක පිපිරීමක් සිදුවී ඇති බව නිලධාරීන් ප්‍රකාශ කරනවා.
සැක සහිත ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු බෙන්ගාසි නාවික කඳවුරේ වරායේ නැංගුරම් ලා ඇති රුසියානු නෞකාවක පිපිරීමක් සිදුවී ඇති බව ලිබියාවේ නැගෙනහිර රජය නිවේදනය කර තිබෙනවා.
රුසියාවට ආපසු යන අතරතුර ඉන්ධන සහ සැපයුම් සඳහා නෞකාව නතර කර තිබියදී ඉරිදා අලුයම පිපිරීම සිදු වූ බව ලිබියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
එම ස්ථානය ආරක්ෂිත කර ඇති බවත්, කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවත් වැඩිදුරටත් වාර්තාවෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මොස්කව් තවමත් අදහස් දක්වා නොමැත.
විදෙස් මාධ්‍ය විසින් සමාලෝචනය කරන ලද Planet Labs PBC හි චන්ද්‍රිකා ඡායාරූප, බෙන්ගාසි වරායේ 0547 GMT ට බෝට්ටුවක් ගිනි ගන්නා ආකාරය පෙන්වන අතර, පැය කිහිපයකට පසු එම නෞකාව අර්ධ වශයෙන් ජලයෙන් යට වී ඇති බව පෙන්වන වෙනම රූපයක් සමඟින් පෙනෙනවා.
සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවලින් පෙන්නුම් කරන්නේ නෞකාව ගිනිදැල් සහ දුමෙන් වැසී ඇති බවත්, එය තවමත් අඳුරු බවත්ය.










