Rajapura Handi Oil
Rajapura Diabetic Powder

2027 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ඉක්මවා වැටුප් හා දීමනාවලට බිලියන 2,185ක් වෙන් කෙරේ

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අනුව, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයටත් වඩා වැඩි මුදලක් රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා සඳහා වෙන් කිරීමට සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, 2027 අයවැයෙන් ඉදිකිරීම්, මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 2,000ක් (ට්‍රිලියන 2ක්) පමණක් බව සඳහන් වෙනවා.

රාජ්‍ය සේවක දීමනා සහ වැටුප් සඳහා රුපියල් බිලියන 2,185ක මුදලක් වෙන් කර තිබෙනවා.

මෙම රුපියල් බිලියන 2,185ක මුදලින් රුපියල් බිලියන 1,554ක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සඳහාත්, රුපියල් බිලියන 571ක් විශ්‍රාම වැටුප් සඳහාත්, රුපියල් බිලියන 60ක් රණවිරු දීමනා සඳහාත් වෙන් කර ඇති බව දත්ත අනුව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 2,000ක සංවර්ධන වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් ඊටත් වඩා වැඩි මුදලක් වැටුප් හා දීමනා වෙනුවෙන් වෙන්කර තිබීම විශේෂත්වයක් බව පෙන්වා දෙනවා.