මීටියාගොඩ නිවසක වෙඩි තැබීමක් – නිවස අසලින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් සොයාගෙන (ඡායාරූප)

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (15) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ දී නිවසේ සිටි පියාට සහ දියණියට වෙඩි වැදී ඇති අතර, ඔවුන් දෙදෙනාට තියුණු ආයුධ ප්‍රහාරයක් ද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

තිදෙනෙකු හෝ සිව්දෙනෙකුගේ කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදුකර පළා ගොස් ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි තැබීම සිදු වූ නිවස ආසන්නයේ අයිතිකරුවෙකු නොමැති ත්‍රිරෝද රථයක් දමා ගොස් තිබිය දී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

අපරාධකරුවන් අදාළ ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවටයි විමර්ශන සිදුකරන පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පියා 49 හැවිරිදි වියේ පසුව අතර දියණිය 29 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 12 16 at 12.12.05 AM 2
WhatsApp Image 2024 12 16 at 12.12.05 AM 1
WhatsApp Image 2024 12 16 at 12.12.05 AM
WhatsApp Image 2024 12 16 at 12.12.04 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14