අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

කතානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.

ඒ බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

කතානායක අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ, තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජය තුළ මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

ඉල්ලා අස්වීමට පිළිබඳව පිළිබඳව අශෝක රංවල නිකුත් කළ නිවේදනයේ දක්වා තිබුණේ තම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීම මේ මොහොතේ අපහසු බවයි.

මෙරට12 වන කතානායකවරයා ලෙස 10 වන පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගත් අශෝක රංවල ඊයේ (13) දිනයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වන විට දින 22ක් එම තනතුරේ කටයුතු කර තිබුණා.

ඒ, අනුව ඔහු අඩුම කාලයක් කතානායක ධුරයේ කටයුතු කළ පුද්ගලයා ලෙසට ඉතිහාසයට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39