ආනයනික සහල් ටොන් 8,000ක් වෙළෙඳපොළට

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 8,000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

විවෘත ටෙන්ඩර් මඟින් ආනයනය කරන ලද එම සහල් වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන පරිදි බෙදා හැර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආනයනය කරන ලද සහල් තොග පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස සියලු දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

සැපයුම්කරුවෙකු විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 75න් 03ක ප්‍රමිතියෙන් තොර සහල් තිබී ඇති බව ද ඔහු අනාවරණය කළා.

මේ අතර සතොස සහ ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව හරහා දෙසැම්බර් 20 වැනිදායින් පසු සහල් ආනයනය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17