ඉන්දියාවට ගිය ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුව අද

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව අද (16) සිදුවීමට නියමිතයි.

නව දිල්ලි අගනුවර හයිද්‍රාබාද් හවුස් හිදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර මෙම හමුව සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම හමුවේ දී රාජ්‍ය නායකයින් දෙදෙනා කලාපීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද එහිදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ද අද (16) දිනයේ දී පැවැත් වෙනවා.

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (15) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, නවදිල්ලි නුවරට පැමිණි ජනාධිපතිවරයාට එහිදී හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා ඊයේ දිනයේ දී ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන අය හමුවුණා.

ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලයේ දී මෙම හමුව සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18