රජරට රැජිණ සහ සාගරිකා ගැටීම ගැන විමර්ශනයක්

රජරට රැජිණ සහ සාගරිකා දුම්රියේ එංජින් එකිනෙක ගැටීමෙන් අද (15) පෙරවරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේ දී වැරදි පීල්ලේ ධාවනයවීම හේතුවෙන් එම පීල්ලේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර; සාගරිකා දුම්රියට ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව සාගරිකා දුම්රිය හෙට (16) උදෑසන කාර්යාලීය ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වය මතුව තිබෙනවා.

මේ අතර මෙම අනතුරත් සමඟ රජරට රැජිණ දුම්රිය ද අද (15) උදෑසන ප්‍රමාද වී ධාවනය කෙරුණා.

  1. කෝ අර වෘත්තිය සමිති ගොරකයා ? වැඩේ සාධාරණීකරනය කරයි ලස්සනට.එතන කන්දක් තියෙනව කියයි. ඒක නිසා වේගයෙන් එන්න ඕනෙ කියයි..
    මතකනෙ අර අහිංසක අලි රංචුව හප්පලා මරාදාල, කෝච්චියටත් හානි කරල, තෙල් තොගයත් විනාශ කරල දාපු අවලම් ඩ්‍රයිවර්ව බේර ගන්න ඉදිරිපත් වුනු හැටි..මූ ඇවිල්ල කිව්වෙ එතන කන්දක් තිබෙනවලු,ඒක නිසා වේගයෙන් ධාවනය කරන්න ඕනෙලු…කියල..
    කාලකන්නි..මුන් එකා එකාව බේරගන්න බොරු ගොතනවා..
    මේවගේ අනතුරු වලට මොනවටද ඔය වෘත්තිය සමිති වල එවුන්ගෙන් අහන්නෙ ?

    මේව ජාතික ධනය..මුන්ගෙ නොසැලකිල්ලෙන් වෙන දේවල්..ඒවට අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා උපරිම දඬුවම් දිය යුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16