AFC Banner
Empty Ad
Empty Ad

තහනම් නියෝගයත් සමඟ අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස අලුතින් පත් කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද (07) නිකුත් කිරීමත් සමඟයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයෙන් පිටව යාමට පෙර අද (07) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයෙකුවන නවීන් දිසානායක සමඟ සකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

අලුතින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයාට සුබ පැතීම වෙනුවෙන් නවීන් දිසානායක අද දිනයේ මෙලෙස ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
3
+1
7
+1
4
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?