සුදු ඉර මත ගැටුණු කතක් බරපතළ තුවාල ලබා ජාතික රෝහලට මාරු කෙරේ(වීඩියෝ)

හොරණ – පොකුණුවිට නගරයේ දී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප දසත වාර්තාකරු පැවසුවේ; යුද හමුදා කෝප්‍රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් වේගයෙන් පැමිණ අදාළ කාන්තාවගේ ගැටී ඇති බවයි.

මෙලෙස තුවාල ලැබූ කාන්තාව හල්තොට – ලෙනවර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.

තුවාල ලද කාන්තාව වෛද්‍යවරියකගේ නිවසේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරන අතර ඇය පොකුණු විට නගරයේ දී පදික මාරුව මතින් පාර මාරුවීමේ දී බණ්ඩාරගම දෙස සිට හොරණ දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී අඩි 12 ක් පමණ ඈතට විසි වී මාර්ගයේ වැටී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පැවසුවා.

බරපතළ තුවාල ලද කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාර හමුදා කෝප්‍රල්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30