බැසිල් හදිසියේ ම අමෙරිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළෙන් හිටපු අමාත්‍යවරයා අද අලුයම 03.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් ඇති බවත්; හෙතෙම එතනින් අමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

මෙම ගුවන් යානය වෙත පිවිසීම සඳහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි “රන් මාවත” ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබාගෙන ඇති බව ද වාර්තා වනවා.

මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු, එනම් රේගු, ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරන බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39