ට්‍රාවිස් හෙඩ්ගේ නොදැවුණු ලකුණු 154 කැන්ගරුවන්ට විශිෂ්ට ජයක් කැන්දයි

සංචාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණ පළමු එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රෙලියාව ඊයේ (19) සමත් වුණා.

තරගය නෝටින්හැම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනා එංගලන්තය පළමු ව ලකුණු රැස් කිරීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට රිසි සේ පහරදෙමින් සියලු දෙනා දැවී ලකුණු 315ක් රැස් කරගත්තා.

එහිදී විශිෂ්ට පිතිකරණයක යෙදුණු බෙන් ඩකට් ලකුණු 95ක් සහ විල් ජැක්ස් ලකුණු 62ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේදී ඇඩම් සම්පා සහ මාර්නස් ලබුෂේන්ග් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

ට්‍රාවිස් හෙඩ්ට කඩුලු දෙකක් හිමි වූ අතර එක් කඩුල්ල බැගින් හිමිවූයේ බෙන් ඩෘෂෙයි සහ මැතිව් පෝට් හටයි.

ලකුණු 316ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ කැන්ගරුවන් පන්දුවාර 06ක් සහ තවත් කඩුලු 07ක් ද ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කළා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ට්‍රාවිස් හෙඩ් නොදැවී පන්දු 129කට දැවැන්ත ලකුණු 154ක් ලබාගත්තේ හයේ පහර 05ක් සහ හතරේ පහර 20ක් ද එල්ල කරමින්.

මාර්නස් ලබුෂේන්ග් නොදැවී ලකුණු 77යි.

ලියැම් ලිවින්ග්ස්ටෝන්, මැතිව් පොට්ස් සහ ජැකොබ් බැතෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය ට්‍රාවිස් හෙඩ් විසින් දිනාගනු ලැබූ අතර දෙවැනි එක්දින තරගය දෙරට අතර හෙට (21) ලීඩ්ස් හි දී ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය එක්දින තරග 05කින් සමන්විත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28