09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට ඇත්තේ තවත් එක් දිනක් පමණයි !

09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට තවත් ඉතිරිව ඇත්තේ එක් දිනක් පමණි.

ඊයේ (19) සහ අද (20) දිනය මැතිවරණ නිහඬ කාලයක් ලෙස ගතවනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ; පෙරේදා (18) මධ්‍යම රාත්‍රියෙන් ඡන්ද ප්‍රචාරණ සියලු කටයුතු නතර වූ පසු කිසිදු ලෙසකින් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමක් හෝ රැස්වීමක් ජනාධිපතිවරණයට් අදාළ සිදු කළ නොහැකි බවයි.

මෙම වසරේ ජූලි මස 28; සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කරන බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

එදා සිට ජනාධිපති අපේක්ෂකයින් හට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණු අතර අගෝස්තු මස 14 දහවල් 12න් එය අවසන් කෙරුණා.

ඉන් පසුව එළඹුණේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතුයි.

පසුව සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදිනත් අතිරේක දින දෙකක් ලෙස 11 හා 12 යන දෙදිනත් තැපැල් ඡන්ද සලකුණු කිරීම් සඳහා වෙන් කෙරුණා.

මෙවන් පසුබිමක් මත ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවන පසුබිමේ දී එනම් අගෝස්තු මස 22 වැනි දින එක් අපේක්ෂකයෙකු හදිසියේ අභාවප්‍රාප්ත වුණා.

මේ සම්බන්ධයෙන් අමතර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව එම ස්වාධීන පක්ෂයට අවස්ථාවක් ලබා දුන්න ද; කිසිදු අපේක්ෂකයෙකු ඒ සඳහා ඉදිරිපත් නොවීම මත කොමිසම නිවේදනය කළේ ඡන්ද පත්‍රිකාවේ අයිදෘස් ඉල්ලියාස් නමැති මියගිය එම අපේක්ෂකයාට හිමිවන සියලු ඡන්ද අවලංගු ඡන්ද සේ සැලකෙන බවයි.

එමෙන්ම මේ වනවිට හෙට දිනයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල පූර්ණ සහාය මත සහ ආරක්ෂක අංශවල දායකත්වයෙන් සියලු කටයුතු සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දුන්නේ.

හෙට ඡන්ද විමසීම සඳහා ලංගම හා පෞද්ගලික බස් රථ 2533ක් යොදා ඇති බවත් වාර්තා වනවා.

ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන ආදී කටයුතු සඳහා යොදා ගැනීමට පාසල් ද නියමිත ව ඇති බැවින් අද (20) දිනයේ දී දිවයින පුරා සියලු ම පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ද මීට සමගාමීව නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම මෙම කාලසීමාව තුළ එනම් හෙට සහ අනිද්දා (22) යන දෙදින දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති.

මේ අතර හෙට දිනයේ දී ඡන්ද විමසීමට අවශ්‍ය නිල ඡන්ද පත්‍රිකාව සමගින් අනන්‍යතාව තහවුරු කිරීමට අවශ්‍ය ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය හෝ රජය විසින් හා මැතිවරණ කොමිෂන් සභාව විසින් තහවුරු කරන ලද, අවසර දුන් අනන්‍යතා පත්‍රය අනිවාර්‍යයෙන් ම රැගෙන යන ලෙසට දැනුම් දී තිබෙනවා.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා පත්‍රය නොලැබුණු අයෙක් ඇත්නම්, ඔහු හෝ ඇය අද ම සිය ප්‍රාදේශීය තැපැල් කාර්‍යාලය වෙත ගොස් එය ලබාගන්නා ලෙසත්, නිල ඡන්ද පත්‍රිකාව ඡන්දය භාවිත කිරීමට අනිවාර්‍යය නොවන බව ද මැතිවරණ කොමිෂන් සභාව ඊයේ විශේෂ ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.

නමුත් නිල ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමේ කටයුතු සඳහා අතිශය පහසු වන බවයි කොමිසම පැවසුවේ.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානයේ දී කිසිදු ලෙසකින් ඡන්දය භාවිත කිරීම, ඡන්ද මධ්‍යස්ථාන ඇතුළත ඡායාරූප ගැනීම හෝ වීඩියෝ ගැනීම තහනම් බවත්, මත්ද්‍රව්‍ය ගෙන ඡන්දය ලබාදීමට නො යායුතු බව ද කොමිෂන් සභාව සඳහන් කළා.

තම ඡන්දය ලබාදීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන අසල කිසිදු ලෙසකින් නිකරුණේ රැඳී නොසිටින ලෙසටත්; නිවෙස් වෙත යන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල් රත්නායක අවධාරණය කළේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ ආරක්ෂාව සඳහා 63000කට අධික පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් ද යොදාව ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්ද විමසීමේ කටයුතු හෙට පස්වරු 05ට අවසන් වන අතර ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව දැඩි කර ඇති බවත් අවශ්‍ය නම් ඡන්ද පෙට්ටි පසුපසින් දේශපාලන පක්ෂවල කොමිසමෙන් අවසරලත් පාර්ශ්වයකට සිය පෞද්ගලික වාහන මගින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා පැමිණිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම්දුන්නා.

මේ අතර හෙට දිනයේ දී ඡන්ද සලකුණු කිරීමේ දී අංක 1,2,3,4 ලෙස මනාප ලබා දිය හැකි බවත් කතිරය යෙදීමෙන් මනාප සලකුණු කළ නොහැකි බව ද කොමිසම ප්‍රකාශ කළා.

එමෙන්ම තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද හෙට පස්වරු 4.15 සිට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21