UPDATE :-අදත් වෙඩි තැබීමක් – ගෙවුණු පැය 48දි වෙඩි තැබීම් 05ක් වාර්තා වෙයි

දෙහිවල අද (20) පෙරවරුවේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

කඩවත – දෙහිවල මාර්ගයේ දීයි මෙම වෙඩි තැබීම සිදු කෙරුණේ.

එහිදී 45 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

එම පුද්ගලයායි; මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වන්නේ.

——————————————————————————————–

අද (20) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ දෙහිවල – කඩවත මාර්ගයේදීයි.

වෙඩි තැබීමෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් බවත් සැකකරුවන් පලා ගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ අතර ඊයේ (19) දිනයේ දී ගෙවුණු පැය 48ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් 04ක් වාර්තා වුණා.

එම වෙඩි තැබීම්වලින් දෙකක් පෙරේදා (18) රාත්‍රියේ දී සිදු වූ අතර දෙහිවල හෝටල් හිමිකරුවෙකු ද ඝාතනය කෙරුණා.

එමෙන්ම ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම දී ද ඊයේ පෙරවරුවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර තවත් වෙඩි තැබීම් තංගල්ලෙන් ද වාර්තා වුණා.

ඒවායෙන් ද පුද්ගලයින් දෙදෙනකු තුවාල ලැබූ අතර ගෙවුණු පැය 48ක කාලය තුළ මේ වනවිට අද සිදු වූ වෙඩි තැබීම සමග වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15