spot_imgspot_img
spot_img

Update – පාණ්ඩ්‍යාට ස්කෑන් පරීක්ෂාවක්

පාදයේ ආබාධයකට ලක් වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ස්කෑන් පරීක්ෂාවක් සඳහා රැගෙන ගොස් තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය මේ බව නිල වශයෙන් තහවුරු කළා.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේ දී පාදයේ ආබාධයකට ලක්ව තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පිටියෙන් ඉවත් වීම හේතුවෙන් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දැවැන්ත පාඩුවක් සිදු වුණා.

පූනේ හිදී මේ වනවිට පැවැත්වෙන තරගයේ බංග්ලාදේශ ඉනිමේ 09 වන පන්දුවාරය යවමින් සිටිය දී, ලිටන් දාස් එල්ල කළ පහරක් දකුණු කකුලෙන් නැවැත්වීමට පාණ්ඩ්‍යා උත්සාහ කළ නමුත් එහිදී හර්දික් පාණ්ඩ්‍යා ලිස්සා ගොස් වම් කකුල ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව හර්දික් පාණ්ඩ්‍යාට සිදු වුණේ පිටියෙන් ඉවත්විමටයි.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?