ඉන්දියාවේ ප්‍රකට ඒසාර් සමාගම විසින් අමෙරිකාවේ ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා ඒසාර් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 18ක පමණ ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ආයෝජනයෙන් ඩොලර් බිලියන 15ක් අයෝවා ප්‍රාන්තයේ නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා යොදවන අතර, මිනසෝටා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක ඒසාර් සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක් වැය කිරීමට නියමිතයි.
සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වූ පසු වසරකට වානේ ටොන් මිලියන 10ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
ඒසාර් සමාගමේ අමෙරිකානු අනුබද්ධ සමාගමක් වන මෙසාබි මෙටල්ස් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඉන්දියානු සමාගමක් විසින් විදේශයක සිදුකරන විශාලතම ආයෝජනය ලෙසද හඳුන්වා දී තිබෙනවා.
ඒසාර් සමාගම් සමූහයේ හිමිකාරීත්වය දරන ඉන්දියාවේ ප්‍රකට රුයියා පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙය අමෙරිකානු ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ව්‍යාපෘතිය ලෙස හඳුන්වා දුන් ට්‍රම්ප්, එය සිය රජයේ ආර්ථික ජයග්‍රහණයක් ලෙසද පෙන්වා දී තිබෙනවා.










