ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉවත්ව කටයුතු කරන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවක අදහස් දක්වමින්.
වත්මන් රජය බලයට පත්වීමේදී, බංකොලොත්භාවයට පත්, ණය ගෙවීම පැහැර හැරි රටක් භාරගත් බවත්, මේ වන විට එම ආර්ථිකය ගොඩනඟා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම මේ වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙරට ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රියාවලියේ නිරත වූ බවත්, ලබන වසර වනවිට ඉන් ඉවත්ව කටයුතු කළ හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියා.










