ඡායා පිටපතක් වෙනුවෙන් රුපියල් 850ක අධික මුදලක් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීමක් වාර්තා වුණේ.
හලාවත නගරයේ පිහිටි වෙළඳසැලක හිමිකරුවෙක් විසින් මෙලෙස අසාධාරණ ලෙස මුදල් අය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
මේ පිළිබඳව අවධානය යොමුකළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (25) දින හලාවත නගරයේ පැරණි වෙළඳ සංකීර්ණයේ පිහිටි මෙම වෙළඳසැල හදිසි වැටලීමකට ලක්කර තිබෙනවා.
මෙම වැටලීමේ දී අනාවරණය කරගත් කරුණු හා පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සාක්ෂි නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති අතර, අදාළ වෙළෙඳසැලට එරෙහිව ඉදිරි දිනවලදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.













