දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77 දෙනෙක් සීමාවාසික පුහුණුවට බඳවා ගැනේ

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්‍රතීතන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

රජයේ දන්ත සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව වෙත වඩාත් ප්‍රවේශගත, කාර්යක්ෂම හා ගුණාත්මක මුඛ සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් මෙම සීමාවාසික පත්වීම් ලබාදීම සිදු කෙරෙනවා.

මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් වසරක සීමාවාසික පුහුණු කාලයක් සඳහා දිවයින පුරා පිහිටි ශික්ෂණ රෝහල්, පළාත් රෝහල් සහ දිස්ත්‍රික් මහ රෝහල් 31ක් වෙත අනුයුක්ත කෙරෙනවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, දන්ත ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ සීමාවාසික පුහුණුව දීර්ඝ ඉතිහාසයක් පුරා අඛණ්ඩව පැවති ක්‍රමවේදයක් නොවන අතර, මෑත කාලීනව ආරම්භ කළ මෙම පුහුණු වැඩපිළිවෙළ නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් වෘත්තීය සේවයට එක්වීමේදී අවශ්‍ය ප්‍රායෝගික දැනුම, වෘත්තීය කුසලතා සහ සේවා අත්දැකීම් වර්ධනය කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයන බව පැවසුවා.

අනාගතයේදී මෙරට දන්ත ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියටද වැදගත් වගකීම් හා කාර්යභාරයන් ඉටු කිරීමට නියමිත වෘත්තිකයන් පිරිසක් ලෙස සීමාවාසික පුහුණුවට එක්වන මෙම වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණ පිළිබඳවද පුළුල් අවබෝධයක් ලබාගැනීම වැදගත් බව අමාත්‍යවරයා පවසා සිටියා.

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය මේ වනවිට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට අවතීර්ණ වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වර්තමානයේ රට මුහුණ දෙන සෞඛ්‍ය අභියෝගවල ස්වභාවය අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවද සඳහන් කළා.

ජනගහන ව්‍යාප්තියේ සිදුව ඇති වෙනස්කම්, ජනගහනය වයස්ගත වීම, ජනතාව මුහුණ දෙන රෝගාබාධවල ස්වභාවයේ සිදුව ඇති වෙනස්කම් ඇතුළු කරුණු හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියේ පවතින අභියෝගද වෙනස් වී ඇති බවත්, එම වෙනස්වන අවශ්‍යතා හා අභියෝගවලට ගැළපෙන පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියද අඛණ්ඩව පරිවර්තනය විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

එමෙන්ම, සෞඛ්‍ය සේවයේ නිරත මානව සම්පතේ දැනුම, කුසලතා සහ කැපවීම උපරිම ඵලදායීතාවයකින් යොදාගැනීමට හැකි වන පරිදි පවතින පද්ධති හා ක්‍රමවේද අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිසංවිධානය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසුවා.

වසර 75ක් හෝ 100ක් වැනි දීර්ඝ කාලයක් පුරා පැවති පද්ධතියක් වුවද, වෙනස් කළ යුතු අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටක සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණ යනු පවතින සියලු පද්ධති මුළුමනින්ම වෙනස් කිරීම නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට පවතින මානව හා භෞතික සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායීතාවයකින් කළමනාකරණය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම එහි මූලික අරමුණ බව සඳහන් කළා.

මෙරට රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතියද, ආර්ථික හැකියාවන්ට සාපේක්ෂව ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සහතික කිරීම ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම සිදුකර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

එම අත්දැකීම් මත පදනම්ව ලෝකයේ විවිධ රටවල් විසින් සාර්ථකව අත්හදා බලා ඇති ක්‍රමෝපායන් හා අත්දැකීම්ද මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමුඛ අවධානයක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම හඳුනාගෙන ඇති බවත්, වර්තමානයේ රට මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග සඳහා සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

සෞඛ්‍ය ප්‍රජාව විසින් දශක ගණනාවකට පෙර අල්මාටා ප්‍රකාශනය මඟින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වැදගත්කම අවධාරණය කර ඇති බවත්, ශ්‍රී ලංකාවද එම ප්‍රතිපත්තිමය දිශානතිය සමඟ අඛණ්ඩව කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කර සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සිට විවිධ මට්ටම්වල සෞඛ්‍ය වෘත්තිකයන් දක්වා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී පුහුණුව, අත්දැකීම් හා සාකච්ඡා සඳහා සහභාගි වී ඇති බැවින්, එම දැනුම හා අත්දැකීම් දේශීය අවශ්‍යතා සමඟ ඒකාබද්ධ කරමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ යටතේ මේ දිනවල පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සැලසුම් වෛද්‍යවරුන් ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් අවසන් මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත්, මෙරට රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම හා සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වන පරිදි පොකුරු (Cluster) පද්ධතියකට ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.

වෛද්‍ය අධ්‍යාපනය තුළින් අත්පත් කරගත් දැනුම හා කුසලතා ප්‍රායෝගික රෝගී සත්කාර සේවාව තුළ තවදුරටත් වර්ධනය කර ගැනීමට සීමාවාසික පුහුණුව සුවිශේෂී අවස්ථාවක් සලසයි. එමඟින් වෘත්තීය වගකීම, රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය සහ කණ්ඩායම්ගත සෞඛ්‍ය සේවා කාර්යභාරය පිළිබඳ පුළුල් අත්දැකීමක් නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් වෙත හිමි වනවා.

දිවයින පුරා දන්ත සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේදී නව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවයට එක්වීම වැදගත් මානව සම්පත් ශක්තිමත් කිරීමක් වන අතර, එමඟින් විවිධ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය දන්ත හා මුඛ සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට දායකත්වය සැලසෙනවා.

මෙහිදී මහාචාර්ය දිලිප් ද සිල්වා සහ විශේෂඥ වෛද්‍ය ගාමිණී නවරත්න යන මහත්වරුන් විසින් දැනුවත් කිරීමේ විශේෂ ආරාධිත දේශන පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, අධ්‍යක්ෂ (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය K.A.R.P. ජයතිලක, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අරුණ අබේවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පත්වීම්ලාභී දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20