Rebuilding Sri Lanka අරමුදලේ ඉදිරි පියවර සඳහා කැබිනට් අනුමැතිය

බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් හිවිත සහ දේපල හානි බොහොමයක් සිදු වීමත් සමඟ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අකර්මණ්‍ය වූ අතර, කෘෂිකර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තය ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ගණනාවක් එමඟින් බලපෑමට ලක් වුණා.

මේ නිසාවෙන් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශය පත් කර ඇති අතර, විපතට පත් බොහෝ ජනතාව තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා තිබෙනවා.

එමෙන්ම ඇති වූ අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජල සැපයුම, විදුලිය හා සන්නිවේදනය වැනි සේවා ද අඩපණව පවතිනවා.

කෙසේ වෙතත් රජය විසින් අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා මෙන්ම හදිසි ආපදා සහන සඳහා දැනටමත් රුපියල් බිලියන 3ක් වෙන් කර ඇතත්, රට පුරා සිදු වූ නිවාස, යටිතල පහසුකම්, කෘෂි වගා බිම්, ධීවර කර්මාන්තය හා අත්‍යවශ්‍ය සේවාවන්ට සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බැවින්, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ව්‍යවස්ථාපික අරමුදලක් ලෙස “Rebuilding Sri Lanka අරමුදල’ නමින් අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වෙන් වූ බැංකු ගිණුමක් හරහා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් ලබා ගැනීමටත්, දැනටමත් මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම වෙත ලැබී ඇති දායකත්වයන් යෝජිත අරමුදලේ මුලික ප්‍රාග්ධනය වශයෙන් ලබා ගෙන ආපදාවට ලක් වී ඇති ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පරිපූර්ණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01