නොරොච්චෝලට ගෙනා ගල් අගුරු නැව් දෙකක් මුහුදේ.. සල්ලි නොදුන්නොත් අද යන බව දැනුම් දේ..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 120,000ක ගල් අඟුරු නැව් දෙකක් ගොඩබෑම සදහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවීම සදහා මේ වන විට දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) පවසයි.

මෙම නැවු අප්‍රේල් 12 සිට නොරොච්චෝලේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බවත් 18 දිනය වන විට අදාළ මුදල් ගෙවීම සිදු නොකළහොත් ගල් අඟුරු ගොඩ නොබා යාත්‍රා කරන බවද නැව් සමාගම් දන්වා ඇත.

මේ අනුව, දින හයක් සඳහා ප‍්‍රමාද ගාස්තු ගෙවීමටද ලංවිමට සිදුවනු ඇති බවත් සංගමය කියයි.

දැනට පවතින ගල් අඟුරු තොග සැප්තැම්බර මාසය සදහා පමණක් විදුලි උත්පාදනයට ප්‍රමාණවත් වන බව එම සංගමය පවසයි.

“කොන්ත්‍රාත්තුවේ නියමයන්ට අනුව, නැව්ගත කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීමෙන් මුළු මුදලින් 80% ක් මුදා හැරිය යුතුය. මෙම ගෙවීම මෙතෙක් සිදු කර නොමැත. මෝසම් සුළං ආරම්භ වීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ සියලුම ගොඩබෑමේ කටයුතු අප්‍රේල් හතරවන සතිය වන විට අවසන් කළ යුතුය.මීළඟ ගොඩබෑමේ වාරය දක්වා වෙනත් භාණ්ඩ ගොඩබෑම කළ නොහැක” යයිද බව සංගමය පවසයි.

පවතින තත්වයන් මත ඉදිරි ගල් අඟුරු ගොඩබෑමේ කාලය ආරම්භ වන තෙක් දැනට ඇති ගල් අඟුරු ප්‍රයෝජනයට ගැනීම සඳහා ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ක ඒකකයක් අවම වශයෙන් දින 25 කට වසා දැමීමට ලංවිමට සිදුවනු ඇත.

මෙය ජනන ධාරිතාවට දැඩි ලෙස බලපානු ඇති අතර එම නිසා දැනට පවතින විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම නොවැළැක්විය හැකි බව එම සංගමය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30