IMF සඳහා මුදල් ඇමති ඇතුළු පිරිස පිටත් වෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් මෙම නියෝජිත පිරිසට ඇතුළත් විය.

ඒ අනුව, ඔවුන් අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී.හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වෙත යාමට නියමිතය.

මෙම සාකච්ඡා අප්‍රේල් මස 19 වන දින සිට 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

අයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථක වුවහොත් මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලැබීමට නියමිතව තිබේ.

එය වාරික 05කින් මෙරටට හිමිවන අතර ඒ හරහා ගෝලීය මුල්‍යකරණ ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

කෙසේවෙතත් මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මූල්‍යාධාරයක් හිමි වුවහොත් ඔවුන්ගේ යෝජනා ද මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට සිදුවේ.

ඒ අනුව, මෙම සංචාරය තුළදී ක්‍රියාත්මක කරනු ලබන යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමුවනු ඇති බව වාර්තා වේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04