මෙම පුවත අපිට හමුවුනේ මුහුනුපොතෙන්.මීගහමැද ධම්මවන්ශ හිමියන් තමයි තම්න්ගේ මුහුනුපොතේ පිටු අතර මේ සටහන තබා තිබුනේ.උන් වහන්සේගේම වචන වලි මේ සටහන අපි ඔබ වෙත ගෙන එන්න කල්පනා කලා.
එම සටහන පහතින්,
ඊයේ මං බුත්තල සිට බඩල්කුඹුරේ ගියා බස් එකේ…මීට අවුරුදු 09 කට පෙර මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්…හරිම නිරහංකාර ,අනතිමානී,උත්සාහවන්ත කෙනෙක්….
කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරා දැන් උපාධිදාරී කොන්දොස්තර මහත්තයෙක්….
ඇත්තටම මං පුද්ගලිකව දන්නවා ඉගෙනගන්න කාපු කට්ට මේ ළමයා…ලොකු සිහින මවාගෙන ඉගෙනගන්න ඇති ,නිදි මරාගෙන පාඩම්කරන්න ඇති.කොන්දොස්තර රැකියාව වැඩැක් නෑ නොකියමි..නමුත් මේ සිදුවීම තුළ අමුතු කියවීමක් තියෙනවා….
ඔෆිස් වලට වෙලා නිකං ඉන්නවට වඩා මේ රැකියාව හොදයි තමා…නමුත් කෝ උගත්කමට වටිනාකමක්.කෝ මේ දරුවන්ගේ ලෝකය…සී.ටී.බී.එකේ නූගත් ඈයෝ මුල් පුටුවල වැජබෙනකොට උගත් බුද්ධිමතුන් ගේ හැකියා බස් එකක් ඇතුළේ හිරවෙලා….
කෝ මේ ළමයාගේ සිහින ලෝකය…
හොදටම කෙට්ටුවෙලා ඝණ්දෙවි රූපේ ..
පාළුයි සිහින විමානේ….
පාළුයි සිහින විමානේ….