බහින්බස් වීම දුරදිග ගොස් නැගණියව අවසන් ගමන් යැවූ 15 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

සිය නැගණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් අත්අඩංගුවට ගත් බව ඒරාවුර් පොලිසිය පවසනවා.

පසුගිය 28 වැනිදා මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 10 හැවිරිදි දියණියක්.

නැගණිය සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්න ඇති බවට පොලිසිය සක කරනවා.

මෙම දරුවන්ගේ මව විදේශගතව සිටින බවත් ඔවුන්ගේ පිඔයා රැකියාවට පිටත්ව ගොස් සිටින අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය 28 වෙනිදා එම පියා රැකියාව නිමවී නැවත නිවසට පැමිණෙන විට සිය දියණිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී ඇති නිරීක්ෂණය වී තිබෙනවා.

වහාම ඇයව රෝහල්ගත කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් සැකකාර 15 හැවිරිදි පිරිමි දරුවා මෙම ඝාතනය සිදු කිරිම්ර්න් අනතුරව අසල්වැසි නිවසකට ගොස් ඇති බවත් පොලිස්දිය පවසනවා.

කෙසේ වෙතත් පසුව ඔහුගෙන් සිදු කරනු ලැබූ ප්‍රහසන කිරීම් හමුවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted