විය යුත්තේ කුමක්ද?

රටක ආර්ථිකයක් එසැනින් හැරවීමක් සිදු කිරීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවය.

“ආර්ථිකයක් එකපාර හරවන්න කිසිම පුද්ගලයෙක්ට මොනවා කළත් බෑ. අපේ ආර්ථිකය තියෙන්නේ ප්‍රපාතයකට යන වාහනයක් වගේ.”

මුලින්ම කරන්න ඕනේ මේක පල්ලමට යන එක නවත්වන්න ඕනේ. ඒක පල්ලමට ගියොත් විනාශයක් වෙන්නේ. එහෙම නැතුව ඒක එකපාරම අනෙක් පැත්ත හරවන්න බෑ.”

“ඒක මුලින්න කියන්න ඕනේ. එහෙම නැතුව අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරන්න කැමති නෑ මම.”

“කරන්න බැරි දේවල් කියලා කරන්න පුළුවන් දේවල් විතරයි කතා කරන්නේ.” 

“ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක අනෙක් පැත්තට හරවන්න පුළුවන් කියලා. මේක ඉක්මණින්ම උඩට ගේන්න දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. සමාජ ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. නමුත් දැනට පවතින්නේ මේ දෙකේම අස්ථාවරබවක්.”

“ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපතිතුමා මීට මාසෙකට කලින් අනුමැතිය දීලා තිබුණට ඒ් සම්බන්ධයෙන් කටයුතු කෙරිලා තිබුණේ නෑ මෙතෙක්.”

“මුදල් ප්‍රතිපත්තිය සහ මහ බැංකුවේ අරමුණ ක්‍රියාත්මක කරද්දි මුළු රටෙන්ම නොම්බර එකේ ඉන්නේ මහ බැංකුවේ අධිපති. කොහොම වුණත් මට කැබිනට් වරප්‍රසාද අවශ්‍ය නැහැ. ඒක මට අදාළ දෙයකුත් නෙමෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04