රටක ආර්ථිකයක් එසැනින් හැරවීමක් සිදු කිරීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවය.
“ආර්ථිකයක් එකපාර හරවන්න කිසිම පුද්ගලයෙක්ට මොනවා කළත් බෑ. අපේ ආර්ථිකය තියෙන්නේ ප්‍රපාතයකට යන වාහනයක් වගේ.”
මුලින්ම කරන්න ඕනේ මේක පල්ලමට යන එක නවත්වන්න ඕනේ. ඒක පල්ලමට ගියොත් විනාශයක් වෙන්නේ. එහෙම නැතුව ඒක එකපාරම අනෙක් පැත්ත හරවන්න බෑ.”
“ඒක මුලින්න කියන්න ඕනේ. එහෙම නැතුව අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරන්න කැමති නෑ මම.”
“කරන්න බැරි දේවල් කියලා කරන්න පුළුවන් දේවල් විතරයි කතා කරන්නේ.”
“ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක අනෙක් පැත්තට හරවන්න පුළුවන් කියලා. මේක ඉක්මණින්ම උඩට ගේන්න දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. සමාජ ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. නමුත් දැනට පවතින්නේ මේ දෙකේම අස්ථාවරබවක්.”
“ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපතිතුමා මීට මාසෙකට කලින් අනුමැතිය දීලා තිබුණට ඒ් සම්බන්ධයෙන් කටයුතු කෙරිලා තිබුණේ නෑ මෙතෙක්.”
“මුදල් ප්‍රතිපත්තිය සහ මහ බැංකුවේ අරමුණ ක්‍රියාත්මක කරද්දි මුළු රටෙන්ම නොම්බර එකේ ඉන්නේ මහ බැංකුවේ අධිපති. කොහොම වුණත් මට කැබිනට් වරප්‍රසාද අවශ්‍ය නැහැ. ඒක මට අදාළ දෙයකුත් නෙමෙයි.”














