ඉන්ධන පෝලිමේ සිටි අය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම

යාපනයේ පුන්නලයිකඞ්ඩුවාන් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පෞද්ගලික බස් රථයකට යට වීමෙන් 5 දා රාත‍්‍රී සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයා ඉතා දීර්ඝ වේලාවක් පෝලිමේ රැඳී සිටීම නිසා ඇති වූ වෙහෙස මත එම පෝලිමේම එක් ස්ථානයක වාඩි වී සිටියදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි පෞද්ගලික බස් රථයක් ඔහුගේ සිරුර මතින් ධාවනය වී තිබේ. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනයේ උරුම්පිඞ්ඩි ප‍්‍රදේශයේ ධර්මලිංගම් සදිස්කුමාර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

වාසවිලාන් පොලිසිය මියගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දී ඇති අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?