ඉල්ලා අස් වූ ඇමතිවරු නිල රථ තවම බාර දී නෑ

ඉකුත් දිනයක දී ඇමතු ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරුන් තම නිල රථ භාර නො දී ඇති බව වාර්තා වනවා.

රට පුරා පැවති විරෝධතා හා අර්බුද හේතුවෙන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් අස් වුණේ, 3 වැනි දා යි.

පසු ව අමාත්‍ය තනතුරු කිහිපයක් නැවත ස්ථාපිත කළ අතර, හිස් වූ මුදල් ඇමතිකම ලැබුණේ, අලි සබ්‍රිට යි.

කෙසේ වෙතත් අලි සබ්‍රි පැය 24ක් යන්නටත් කලින් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, නව මුදල් ඇමතිකම බන්දුල ගුණවර්ධන ලැබෙනු ඇති බවට යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධුරවලින් ඉවත් වූ ඇමතිවරු තවමත් සිය නිල රථ භාර නො දුන් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?