පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ඇතැම් උද්ඝෝෂණවල යෙදීසිටි පුද්ගලයින් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවට වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති තවත් පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

එබැවින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ අතර උද්ඝෝෂණයක් අතරතුර කාකි ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු කළු පැහැති ජැකැට්ටුවක් සහ සුදු පැහැති ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ මෙගා ෆෝන් යන්ත්‍රයක් ආධාරයෙන් රැස්ව සිටි පිරිස අමතා “යුනිෆෝම් ඇඳන් හිටියත් අපිත් ඔයාලත් එක්ක තමයි” යනුවෙන් ප්‍රකාශයක් සිදුකරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

එම වීඩියෝ පටයේ කාකි ඇඳුමින් සැරසී සිටින පුද්ගලයා පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51