දික්වැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දික්වැල්ල හිරිකැටිය මුහුදු වෙරළ තීරයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඊයේ (04) රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදුව ඇති අතර, එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම සිදු වු ස්ථානයේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.

ඝාතනයට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

ඝාතනය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරණ බව පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?