සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම්

පාර්ලිමේන්තුව මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළහොත් මැතිවරණ කොමිෂන් සභාව ඊට සූදානම් බව එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පැවැසීය.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව තීන්දු කළ යුත්තේ පාර්ලිමේන්තුව බවත් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් ලබාදෙන්නේ නම් කොමිෂන් සභාව ඊට සූදානම් බවත් ඔහු කීවේය.

මැතිවරණයක් පැවැත්වීමට මූලික කටයුතු සංවිධානය කිරීමට යම් කාලයක් අවශ්‍යයි. දළ වශයෙන් මේ සඳහා මාස තුන හතරක කාලයක් ඕනෑ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පමණක් අපේක්ෂකයින්ට සති පහත් හතත් අතර කාලයක් ලබාදියයුතු යැයි ද ඔහු කීවේය.

මැතිවරණයක් පැවැත්වන්නේ නම් ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමට අවශ්‍ය තරම් කඩදාසි තොග තිබෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?