කුට්ටම සැරින් සැරේට අනනවා.. ඊයේ ඉල්ලා අස්වුණා.. අද නැවත දිවුරුම් දුන්නා..

මේ වෙද්දි රටේ හැම මනුස්සයෙකුම ඉන්නේ ලොකු පීඩනයකින්.

ඒකට හේතුව තමයි අපේ රටේ දේශපාලඥයා හැමදාම කළේ මිනිස්සුන්ව රවට්ටපු එක.

මිනිස් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින් බලතලවලින් ඔලුව උදුම්මාගෙන ජනතාව පාගපු එක තමයි හැමදාමත් දේශපාලඥයා කළේ.

ඔවුන් සුරසැප විදිද්දි අසරණ මිනිස්සු හැමදාම දුක්වින්දා.

කිසිම මන්ත්‍රීකෙනෙක් ගෑස් පෝලිමක හිටියද..? කිරිපිටි පෝලිමක හිටියද..?

තෙල් ගහගන්න ඉන්ධන පිරවුම්හලක හිටියද..?

නෑ.. ඒ මිනිස්සුන්ට ඒ වේදනාව දැනුනේ නෑ… බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඔවුන් තුල තිබ්බා..

මුදලට හැමදාම මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය ලබාගන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා.

තහඩුවලට, සිමෙන්ති කොට්ටෙට මිනිස්සු මිලදී ගත්තා.

හැමදාමත් පත්වෙන හැම ආණ්ඩුවක්ම කළේ මේ දේ..

මාසික වැටුපක් ගන්න කෙනෙකුට ජීවත් වෙන්න බැරි තැනට අද පත්වුණා.

කොරෝනා ව්‍යසනය, ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් කියලා බොරු මත මිනිස්සුන්ට පෙන්වන්න උත්සහ කළා.
හැබැයි මේ වෙද්දි ඒ බොරුවලට මිනිස්සු රැවටුණු කාලේ අවසන් වී තිබෙන්නේ ජන අරගලයක් ආරම්භ වීම නිසයි.
ඊයේ කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වුණා..

අද ඒ අමාත්‍යවරු ඒ විදිහටම නැවත දිවුරුම් දෙනවා.

මොකක්ද මේ විහිළුව..? ජනතාව මේ විහිළු දිහා හැමදාම බලාගෙන හිටියා.

නමුත් අද මිනිස්සු බුද්ධිමත්ව හැමදේම හිතන්න පටන් අරන්…

පාට පක්ෂ භේදය අත්හැරලා එක රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන් වුණු දවසට අපේ රටත් ලස්සන රටක් වේවි..

මොකද මොන පක්ෂය බලයට පත්වුණත් එදා ඉදන් අද වෙනකන්ම මේ රටට දේශපාලඥයා ආදරේ කළාද කියන එක ඔබත් හදවතින්ම විමසා බලන්න..

සමහර ඇමතිවරු කට ඇරියේ ජනතාව පාරට බැස්සට පස්සේ.

ඒ කියන්නේ අන්තිම මොහොතේ මිනිස්සුන්ගේ ගමන ගැන බලලා ඒ පැත්තට අත්පුඩි ගහනවා.

මිනිස්සුන්ට ආදරේනම් මිනිස්සු පාරට බහිනකං ඉන්න ඕනද තමන්ගේ ධුරයෙන් ඉල්ලා අස්වෙන්න.?

ඒ කියන්නේ ඔවුන් ආදරේ තනතුරටයි, බලයටයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09