ගෑස් නොදී නැව යළි හරවා යයි

ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා මෙරට රාජ්‍ය බැංකුවක් විසින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු කළ යුතු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් එම ගෑස් නෞකාව භාර ගැනීමට නොහැකි වූ බව ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව මෙරටට ආ එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 5500ක් අඩංගුව ගෑස් නෞකාව ආපසු හරවා යවා තිබෙනවා.

අමරිකානු ඩොලර් මිලියන 4.9ක ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ව ඇති අතර ඒ සඳහා අදාළ රාජ්‍ය බැංකුව විසින් අවසර ලබා නොදීමෙනුයි මෙම ගැටලුව පැන නැගී ඇත්තේ.

මේ හේතුවෙන් උත්සව සමයේ දී ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකි බව ද ලාෆ් ගෑස් සමාගමේ සභාපති වෑගපිටිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?