ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ සමාව ඉල්ලා සිටිනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.
අද (30) බණ්ඩාරවෙල පැවති උත්සවයකට නාමල් රාජප්ක්ෂගේ පැමිණෙන නිසා වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මෙම සටහන තබා තිබුණේ.
වැලිමඩ ප්‍රදේශයේදී තමන් සහභාගී වීමට නියමිත උත්සවයක් නොතිබූ බව පවසා ඇති ඇමතිවරයා එය වැරදි වැටහීමක් බව ද පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




