IMF වාර්තාව එළියට මෙරට ආර්ථික වියවුලට හේතු රැසක් හෙළි වේ

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යය මණ්ඩල වාර්තාව නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

අදාළ අයි.එම්.එෆ්. වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කර තිබෙනවා.

එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි.

කොවිඩ් ආර්ථිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑ අතර, සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුලු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇඳවැටී ඇති අතර, 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 119ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹුණු බවයි වාර්තාව හෙළි කරන්නේ.

විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම, විදේශ විනිමය (FX) හිඟයට හේතු වී ඇති අතර, නිල විනිමය අනුපාතිකය අප්‍රේල් 2021 සිට තත්‍යානුකූලව ස්ථාවර කෙරුණා.

ආනයනික උද්ධමනය පිළිබිඹු කරමින් උද්ධමනය 2021 දෙසැම්බරයේ ඉලක්කම් ද්විත්වයට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ආර්ථික උද්ධමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම ද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි එම නිවේදනයේ සාරාංශය වන්නේ.

මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට අදාළ වත්මන් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට ද පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ කොරියානු ජාතික චන්ග්‍යොන්ග් රී (Changyong Rhee) ද දිවයිනට පැමිණියා.

එහිදී එම ජ්‍යේෂ්ඨ නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හමු වී සාකච්ඡා කළා.

එම සංචාරයේ දී යි, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වියවුල්කාරී තත්ත්වය පිළිබඳ අදාළ වාර්තාවක් සැකසීමට තීරණය කෙරුණේ.

ඒ අනුව ජාත්‍යන්තර අරමුදල විසින් අදාළ වාර්තාව අද (26) දිනයේ දී නිකුත් කෙරුණු අතර, නුදුරු දිනක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපෂ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සෙසු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කෙරෙන යෝජනාවලිය ද රැගෙන අමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි අයි. එම්. එෆ්. මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතයි.

කෙසේවෙතත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙරට යෝජනාවලිය ඇතුළත් වාර්තාව ද රැගෙන අයි.එම්.එෆ්. වෙත යාම කිසිසේත් ම ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සිදු කෙරෙන නිල සංචාරයක් නොවන අතර, එය හුදෙක් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුද සඳහා ලබාගත යුතු තාක්ෂණික උපදෙස් ලබා ගැනීම පිණිස සිදු කෙරෙන්නක් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු, සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ද අයි. එම්. එෆ්. වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, රටේ පවතින සැබෑ ආර්ථික වියවුල්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ලෙසට ද ඉල්ලීමක් සිදු කළා.

එම සම්පූර්ණ වාර්තාව පහතින්..,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17