සජිත්ගේ රැළියක ගුටි කෙලියක්

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සහභාගී වීමට නියමිතව තිබූ ජන රැලියක ඇතිවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට පත්විය. 23 දා පෙරවරු 10.00ට මාතර ඌරුබොක්ක නගරයේ විරෝධතා පා ගමනක් සහ ජන රැලියක් සංවිධානය කර තිබුනේ සමගි ජන බල වේගය විසිනි.

විරෝධතා පාගමන සහ විපක්ෂ නායක වරයා පැමිනෙන වේලාව 10 ට බව සංවිධායකයින් ප්‍රකාශ කලද විපක්ෂ නායක වරයාට ඒ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක විවිධ රැස්වීම් සංවිධානය කර තිබිණි. ඒ අනුව  පෙරවරු 10 සිට පාක්ෂිකයන් බලා සිටි අතර සවස 1.30 වනන විටත් විපක්ෂ නායක වරයා පැමිණියේ නැත. එබැවින් සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විටින් විට ගොස් පදමට වෙරිවී එන ආකාරයක් අපට දක්නට විය. එම පිරිස ඌරුබොක්ක බන්නැවතුම්පල කෙළවරක තැනූ වේදිකාව ඉදිරිපිට ගීත ගායනා කරමින් නටන අයුරු දක්නට හැකි විට. දහවල් වන විට එකවරම ජනතාව අතර ගුටි බැට හුවමාරුවක් වන ආකාරය අප කැමරාවේ සටහන් විය. පුද්ගලයින් කිහිප දෙනෙකුට පන්න පන්නා පහදෙන ආකාරයක් දක්නට විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඌරුබොක්ක පොලීසිය ස්ථානාධිපති වරයා තම නිළධාරීන්ට උපදෙස් දුන්නේ මේ තත්වය සමතයකට පත් කරන ලෙසයි. ඒ අනුව ස්ථානාධිපතිවරයා හා නිළධාරීන් වහා මැදිහත් වුවද මුලින්ම මේ තත්වය සමතයකට පත් කිරීමට නොහැකි විය.

පොලීසිය මගින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන රැගෙන යන ලදී . මෙය විඩියෝ ගත කිරීමට එම ස්ථානයේ සිටි මාධ්‍යවේදී පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන්ගේ කැමරාව උදුරා ගැනීම සදහා පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයට අප කැමරාවේ සටහන් විය. එම මාධ්‍යවේදී මහතාට  පොලීසිය මගින් ගැටුමට සම්බන්ධ පුද්ගලයන් රැගෙන යන දර්ශණ ලබා ගැනීමට අවහිර කරන ලදී. ඉන් අනුතරුව ඒ ස්ථානයට සියලු මාධ්‍යවේදීන් පැමිනීමත් සමග අවහිර කල පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් විය. පසුව  සවස දෙකට පමණ විපක්ෂ නායක වරයා පැමිනීමත් සමග විරෝධතා පෙළපාලිය සහ රැලිය ආරම්බ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56