පොලිසියේ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකළ FR පෙත්සම් 40ක් ඉවතට

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක් කරමින් උසස්වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050 කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) තීන්දු කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2019, 2020, 2021 සහ 2023 යන වසරවල එම වකවානුවේ හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න, දේශබන්දු තෙන්නකෝන් යන පොලිස්පතිවරුන්ගේ පාලන සමයේ සිදුකරන ලද උසස්වීම් මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක් කර තිබුණා.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරු දක්වා සිදුකළ උසස්වීම්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා සිදුකළ උසස්වීම්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදුකළ උසස්වම් අභියෝගයට ලක් කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 40 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ උසස් වීම් පිරිනැමීමේ දී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ, අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංගනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත්, ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවලින් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21