ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (09) පෙරවරුවේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.

මෙහිදී ජනාධිපතිවරයාගේ රජයේ වසර දෙකක සාර්ථක ගමන් මඟ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබෙනවා.

ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්, සමීප අසල්වැසියන් සහ සමුද්‍රීය හවුල්කරුවන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, අපගේ රටවල සංවර්ධනය සහ අපගේ ජනතාවගේ සුභසාධනය සඳහා අඛණ්ඩව එක්ව කටයුතු කරන බවත්, අපගේ කලාපයේ ආරක්ෂාව, ආරක්ෂාව, සාමය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන බවත් මේං හමුවේ දී නැවත තහවුරු කළ බවයි ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03