තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (09) පෙරවරුවේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.
මෙහිදී ජනාධිපතිවරයාගේ රජයේ වසර දෙකක සාර්ථක ගමන් මඟ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබෙනවා.
ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්, සමීප අසල්වැසියන් සහ සමුද්‍රීය හවුල්කරුවන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, අපගේ රටවල සංවර්ධනය සහ අපගේ ජනතාවගේ සුභසාධනය සඳහා අඛණ්ඩව එක්ව කටයුතු කරන බවත්, අපගේ කලාපයේ ආරක්ෂාව, ආරක්ෂාව, සාමය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන බවත් මේං හමුවේ දී නැවත තහවුරු කළ බවයි ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.













