දිවයිනට රැගෙන ආ ‘කොණ්ඩ රංජි’ ගුවන්තොටේ දී CID අත්අඩංගුවට

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ පිටුවහල් කිරීමන් අනතුරුව මේ වනවිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

පිටුවහල් කළ ඔහු අද (09) පෙරවරු 8.10ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේ දී පසුගිය ජනවාරි 09 වනදා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඩුබායි ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ‘කොණ්ඩ රංජි’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30