ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඇමරිකානු නාවික හමුදා යුද නෞකාවකට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් පසුව, ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කළ බව එක්සත් ජනපද හමුදාව පවසනවා.
ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ, තම හමුදා ඇමරිකානු යාත්‍රා දෙකක් සහ තෙල් ටැංකි අටක් ඉලක්ක කළ බවයි.
දෙපාර්ශ්වය අතර ගැටුම් මෙලෙස උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව මේ වනවිට ලෝක වෙළඳපොළේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර්110.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක් ඩොලර් 94.27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මාස හයක් පුරා පැවති යුද්ධයට ස්ථිර විසඳුමක් සඳහා වූ බලාපොරොත්තු මැකී ගොස් නැවත සටන් ඇවිළෙන පසුබිමක මෙලෙස බොරතෙල් මිල ඉහළ යෑම ලෝක ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්.













