නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයට සකස් කළ ආපනශාලාවක් (Cafe) පවත්වාගෙන යන මුවාවෙන් ඒ තුළ හෂිස් මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කළ සහ එම මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා අවස්ථාව සලසා දුන්, එම ආපනශාලාව පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසියට හැකිව තිබෙනවා.
නෙකෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සැකකරුවෙක්.
සැකකරු විසින් කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයෙන් හෂිස් මත්ද්‍රව්‍ය රැගෙන විත්, මෙම ආපනශාලව මඟින් ඒවා අලෙවි කරන බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම එම සැකකරු, සිය පෙම්වතිය සමඟ මෙම ආපනශාලාව පවත්වා ගෙන යන බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම ආපනශාලාව ආසන්නයේ විශාල වශයෙන් පාසල් දරුවන් සහභාගී වන උපකාරක පංති පිහිටා ඇති අතර, එම බාල වයස්කාර දරුවන් ඉලක්ක කර මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













