ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක ගුවන්තොටුපොලේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීමට යොදා ගත් මිසයිල සහ ඩ්‍රෝන යානාවල දර්ශන සිය ජංගම දුරකථනයෙහි රදවා තබා ගෙන සිටියදී, ඩුබායි ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔහුව පසුගිය අප්‍රේල් මස 15 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.
37 හැවිරිදි කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන කොණ්ඩ රංජිගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔවුන්ව මුදාහැර තිබුණා.
පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර, අනතුරුව අද (09) පෙරවරුවේ ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 579 දරණ ගුවන් යානයෙන් ඔහු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.













