වාහන ලියාපදිංචි අංක තහඩු ඉදිරියේ දී දින හතක් ඇතුළත

වහනයක් ලියාපදිංචි කළ දිනයේ සිට දින 07ක් ඇතුළත එම වාහනයේ ලියාපදිංචි අංක තහඩුව ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්‍රනාන්දු පවසනවා.

අද (09) දිනයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

ඉදිරි මාස 06ක කාලසීමාව තුළ සියලුම වාහන අංක තහඩු යාවත්කාලින කර, එතැන් එහාට ලබාදෙන වාහන අංක තහඩු වාහනය ලියාපදිංචි කර දින 07ක් තුළ ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්