විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධක කල්ලි නායකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සළිඳු මල්සිත ගුණරත්න හෙවත් කුඩු සළිඳුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු දෙකකට අදාළ නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් පසුගිය දා විමර්ශන ආරම්භ කර තිබුණා.
එලස විමර්ශන ආරම්භ වීමත් සමඟ එම අධිකරණයේ පිස්කල් හා සිතාසි භාරදෙන්නෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විදේශගතව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස විදේශගතව ඇත්තේ හික්කඩුව, තලාගස්දෙණිය, ලීනාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පසුගිය 02 වැනිදා බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.













