මාතර, මිදිගම පොලීසියට අද (23) පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබුණි.
මාතර මිදිගම තුර්කි ගම්මානයේ පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු පෙරේදා අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගැනුණි.
එම අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින් ඔහුගේ ඥාතීන් මෙලෙස පොලීසිය තුළ කලහකාරී ලෙස හැසිරී තිබේ.
කෙසේවෙතත් පිරිස පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන 5ක නිලධාරීන් පැමිණි අතර එහිදී පුද්ගයින් 5 දෙනෙකු ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මාතර පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














