තලාතුඔය පොලිස් වසමේ බව්ලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ අතුරුදන්වීමක් සම්බන්යෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ක පුද්ගලයෙක් 2026.09.04 වන දින සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පසුගිය 07 වනදා පැමිණිල්ලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අතුරුදන් වූ පුද්ගලයාගේ පිලිස්සීගිය මෘත ශරීරය බව්ලාන කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී තිබෙනවා.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කළ පොලිසිය අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 18 හා 41 වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලික අමනාපයක් මත පොල්ලකින් පහරදී එම පුද්ගලයාව ඝාතනය කර පසුව එම සිරුර පුළුස්සා දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
තලාතුඔය පොලිස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













