තණමල්විල වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවේ

තණමල්විල, ගල්වලයාය ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

නිවසක රැඳී සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, තුවාල ලැබූ එම පුද්ගලයා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

එලෙස තණමල්විල රෝහලට ඇතුළත් කළ එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මේ වනවිට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, තණමල්විල සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත තණමල්විල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10