වාර්ෂික ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගිහින්

ගතවූ මාස 7ට ඒකක 700 ඉක්මවමින් මෙරට වාර්ෂික ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.

2023 වසරේ වාර්ෂික ඒකපුද්ගල විදුලි පරිභෝජනය ඒකක 642ක්ව පැවතුන අතර එය පසුගිය වසරේදී ඒකක 693 දක්වා ඉහළ ගියා.

මේ වසරේ ගතවූ මාස 7ට එය ඒකක 700 කඩඉම පසුකර ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.මෙය සමාජ ප්‍රගතියේ පැහැදිලි සළකුණක් ද වනවා.

බොහෝ පවුල් අඛණ්ඩව විදුලිය භාවිතයෙන් ආලෝකය ලබාගන්නවාට අමතරව සිසිලනය හා නවීන උපකරණ භාවිතයට පෙළඹී තිබෙනවා.

එය දෛනික ජීවිතය වඩාත් පහසු කරවන අතර සිසුන්ට ද ඩිජිටල් අධ්‍යාපනයට මුහුණ දීමට හැකියාව ලැබෙනවා.

විදුලිය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයද සම්පූර්ණ පරිවර්තනයකට ලක්කරමින් මිනිස් ජීවිත රැක ගැනීමේ උපකරණ / නවීන රෝග විනිශ්චය ආදිය සිදු කිරීමට විදුලිය දායකත්වය සපයනවා.

දිනෙන් දින ඉහළ යන ආර්ථිකය ද විදුලි බලය හරහා කර්මාන්ත / කුඩා ව්‍යාපාර හා සේවා ව්‍යාප්තිය මගින් සවිබල ගැන්වෙනවා.

එමගින් නව රැකියා අවස්ථා ද උදාවී ගෘහස්ථ ආදායම් ශක්තිමත් කරවීමට ද සමත්ව සිටිනවා.විදුලි පරිභෝජනයේ මෙම වර්ධනය ඩිජිටල් පරිවර්තනයේ සළකුණක් ලෙස දැක්විය හැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16